2024 දෙසැම්බර් 06, පෙ.ව. 12:05
අඩු ආදායම්ලාභී ජනතාව සඳහා විදුලි සහනාධාරය තවදුරටත් අඩු කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, විදුලිබල ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වසර ගණනාවක සිට ප්‍රමාද වූ විදුලි බල ක්ෂේත්රයේ ව්‍යාපෘති නව පරිපාලනය යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙරට විදුලි බල පද්ධතිය තුළ මතුව ඇති ගැටලු හා ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති අභියෝග පිළිබඳ සාකච්ඡාවක් හෝමාගම දියගම මොරටුව තාක්ෂණ පීඨ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ඒ විදුලි බල මණ්ඩලයේ සභාපති හා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.
මේ අතර 2025 වසර සඳහා වන නව විදුලි ගාස්තු සංශෝධන යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය මගින් දෙසැම්බර් මස 6 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වසරේ කළ යුතු තුන්වැනි විදුලි ගාස්තු සංශෝධනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඊට අදාළ යෝජනා ඉකුත් සැප්තැම්බර් මස අග මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබු අතර එම, එම ගාස්තු සංශෝධන ප්‍රමාණවත් නොමැති බවයි කොමිසම ප්‍රකාශ කර තිබුනේ.
2025 ජනවාරි 11, පෙ.ව. 12:27
2025 ජනවාරි 11, පෙ.ව. 12:15
2025 ජනවාරි 11, පෙ.ව. 12:11
2025 ජනවාරි 11, පෙ.ව. 12:08
2025 ජනවාරි 11, පෙ.ව. 12:07
21-12-24
21-12-24
18-12-24
18-12-24
14-12-24
14-12-24
07-12-24
07-12-24
02-12-24
02-12-24
25-11-24
25-11-24
10-11-24
10-11-24
06-11-24
06-11-24
27-10-24
27-10-24
26-10-24
26-10-24
19-10-24
19-10-24
18-10-24
18-10-24