hit counter

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:04



2025 වසරේ පළමු අර්ධය සඳහා විදුලි ගාස්තු නොවෙනස්ව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ යළි තහවුරු කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් පෙන්වා දුන්නේ, පවතින විදුලි ගාස්තු ව්‍යුහය එලෙසම පවත්වාගෙන යෑමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 39ක් ආදායම පහත වැටීමක් අත්විඳීමට සිදුවන බවයි.

“2025 පළමු භාගය සඳහා විදුලිය පිරිවැය රු. බිලියන 268 ක් වන අතර, පවතින ගාස්තු මගින් උපයා ගැනීමට අපේක්ෂා කරන්නේ රු. බිලියන 229 ක්. මෙම පරතරය පියවා ගැනීම සඳහා ලංවිම මෙම වසරේ ඉපැයීම් වලින් ලැබෙන ලාභ භාවිතා කරනවා” ඔහු පැහැදිලි කළේය.

2025 මුල් මාස හය තුළ විදුලි බිල වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුනොවන බවට ඔහු සහතික විය.

පසුගිය වසරේ ලංවිම සැළකිව යුතු ලාභයක් ලබා ඇති බවට ප්‍රකාශ කළද ඔහු පැහැදිලි කළේ, පෙර පැවැති ණය පියවීමට අමතර ආදායමෙන් රුපියල් බිලියන 112ක් වෙන්කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: