hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජනවාරි 11, ප.ව. 1:19



විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවද ඒ සලකා බැලීම ඊයේ දිනය දක්වා කල් දැමුණා.

කෙසේ වුවත් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පාර්ශව රැසක් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරන පසුබිමකයි.

අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද මෙම සංශෝධන යටතේ ඒකක ගාස්තු මෙන්ම ස්ථාවර ගාස්තු ද සංශෝධනය කෙරෙන බවයි වාර්තා වන්නේ.

නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා ද, ස්ථාවර ගාස්තු රුපියල් 400 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

ඒ අනුව එම කාණ්ඩයේ මාසික විදුලි බිල රුපියල් 360 සිට රුපියල් 1300 දක්වා ඉහළ යනු ලබනවා.

ඒකක 31 සිට 60 දක්වා ඒකකය ගාස්තු රුපියල් 37 දක්වාද, ස්ථාවර ගාස්තු රුපියල් 550 දක්වා ද ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

එම කාණ්ඩයේ පවතින ඒකක බිල්පත රුපියල් 780 සිට 2560 දක්වා ඉහළ යනු ඇති.

0ත් 60ත් දක්වා පවතින රුපියල් 16ක් වූ ඒකකය ගාස්තුව රුපියල් 42 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

ඒකක 61 සිට 90 දක්වා ඒකකය ගාස්තුව රුපියල් 42 දක්වාද, ස්ථාවර ගාස්තු රුපියල් 650 දක්වා ද ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කාණ්ඩය යටතේ පවතින උපරිම විදුලිබිල 1800ක් වූ අතර නව සංශෝධනය යටතේ එම ගාස්තුව 4430ක් වනු ඇති.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව 1,500 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 121 සිට ඒකක 180 දක්වාද ඒකකයක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500ක් ලෙස සංශෝධනය කිරීමට යෝජිතයි.

ඒකක 181ට ඉහළ කාණ්ඩයේ ඒකකයක ගාස්තුවද වෙනස් නොවන අතර ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහළ දැමෙනු ඇති.

ආගමික ස්ථාන සහ පුණ්‍යායතන ගාස්තු මෙසේයි.

කර්මාන්ත අංශයේ කොන්ත්‍රාත් ඉල්ලුම කිලෝවෝල්ට් ඇම්පියර් 42ට අඩු ආයතන සඳහා ගාස්තු මෙසේයි.

පොදු, හෝටල් සහ රාජ්‍ය ආයතන කාණ්ඩය සඳහා ගාස්තු මෙසේයි.