hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 6:33



ලබන ජනවාරි මාසයේ සිට මුද්‍රිත විදුලි බිල්පත් ලබා දීම නතර කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යංශය පවසන්නේ, මුද්‍රිත බිල්පත් වෙනුවට SMS පණිවුඩයක් මගින් අදාළ අය කිරීම් ගාස්තු දැනුම් දීමට පියවර ගන්නා බවයි.

එම ක්‍රමවේදය සඳහා මේ වන විට විදුලි බල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මෙය මූලික වශයෙන් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ඇති බවද වාර්තා වෙනවා.