hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 3:36



හම්බන්තොට ගොන්නොරුව ප්‍රදේශයේ නිවසක වගාවන් ආරක්ෂා කර ගැනීම සදහා පරිපථයක් මාර්ගයෙන් යොදා තිබූ ගෘහස්ත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී මෙම වන අලියා මිය ගොස් ඇති ඇති බවත් මියගොස් ඇති වන අලියා වයස වුරුදු 20ක් පමණ වන බවයි වන ජීවී නිලධාරීන් පවසා සිටින්නේ.

වන අලියාගේ මිය යෑම සම්බන්ධයෙන් විදුලි රැහැන යෙදු නිවසේ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා.

එමෙන්ම ඔහු අද (07) දින හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වනජීවී නිලධාරීන් කියා සිටියේ.

හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි