hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:04



කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ලබන 16 වැනිදා සිට එය සේවයට යෙදවීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරයකයින්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බවයි.

ආසන 350කින් සමන්විත එම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතයි.

ඉරිදා රාත්‍රි 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: