2023 නොවැම්‍බර් 21, ප.ව. 1:37
 
            
අවිධිමත් අංශයේ රැකියා නියුක්තිකයන් සම්බන්ධයෙන් විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව සේවා අංශයේ අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුක්ත වූ පිරිස 60%ක් පමණ වන බවත්, ඔවුන් සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක කරගැනීමෙන් ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඉහළ නැංවිය හැකි බව කාරක සභාව පවසනවා.
කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, වර්තමානයේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවන ආයතන අසූ දහසක් පමණ කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවයි.
ඒ අනුව එම සමාගම් ගණන ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම් සියල්ල හඳුනාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන් රැස් වූ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් කෙරුණා.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25