hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූලි 18, ප.ව. 4:20



ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි සේවකයන් කිහිපදෙනෙකුගේ පහර කෑමට ලක් වූ එම සමාගමේ සැපයුම් නිලධාරියා අද (18) එප්පාවල පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළා.

ඒ පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

සමාගමට අවශ්‍ය නොවන ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් ගෙන්වීමෙන් ලක්ෂ ගණනක පාඩුවක් සිදු ඇති බවට සේවකයන් පිරිසක් විසින් රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ ඊයේ අනාවරණයක් සිදු කළා.

ඒ සමග ඇති වූ උණුසුම් තත්වය අතරතුරයි මෙම නිලධාරියාට පිරිසක් පහර දෙනු ලැබුවේ.

කෙසේ වෙතත් මෙය සමාගමේ සභාපතිනියගේ වංචා දූෂණ වසා ගැනීම සඳහා ඇය ඇතුළු පිරිසක් විසින් මෙහෙයවූවක් බවට පහරකෑමට ලක්වූ එප්පාවල පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරි අශෝක අබේසිරි මහතා චෝදනා කළා.