hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 01, පෙ.ව. 11:55



ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව වෙනසක් සිදුවිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මේ වනවිට ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය සකස් කෙරෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

” මෙරට උසස් අධ්‍යාපනය වෙනස් විය යුතුයි. මම පසුගියදා ගෝලීය උසස් අධ්‍යාපන සමුළුවට සහභාගි වුණා. නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව උසස් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව බොහෝ රටවල මතය වී තිබෙනවා. ඒ අනුව අප ද ගමන් කළ යුතු බව මාගේ අදහසයි.

එමෙන්ම ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අප රටේ සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට අපේ රටේ උසස් අධ්‍යාපනය දියුණු කළ යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: