hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 04, පෙ.ව. 12:04



අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයට පෙනී සිටි සිසුන් ඉදිරියේදී පාසල්වල ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ තාවකාලික පන්තිවලට අනුයුක්තව සිටින කාලය තුළ පැමිණි දින ගණනද උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී අවශ්‍ය සියයට 80 පැමිණීමේ ප්‍රතිශතය සඳහා සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එම සිසුන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත වෙනත් පාසලක උසස් පෙළ හැදෑරීමට යාමේදී එලෙස තාවකාලිකව යම් පාසලකට ඇතුළත්ව ඉගෙනුම ලබා තිබීම ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සිසුන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත වෙනත් පාසලකට ඇතුළත් වීමට ඉල්ලුම් කිරීමේදී තාවකාලිකව අනුයුක්තව සිටි කාලසීමාව තුළ පාසල් පැමිණීම හා විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් තාවකාලිකව අනුයුක්තව සිටි පාසලේ විදුහල්පති විසින් නිකුත් කළ යුතු අතර එය නව පාසලට ඇතුළත් කර ගැනීමට අමතර සුදුසුකමක් සේ සලකයි.

රජය අනුමත පුද්ගලික පාසල්වලටද මෙම නියමු වැඩසටහන අදාල කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ප්‍රධානීන් වෙත උපදෙස් දෙමින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: