hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජනවාරි 26, ප.ව. 7:06



විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (26) පස්වරුවේ පැවසුවා.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410 ක් අවශ්‍ය බව කී සභාපතිවරයා  විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළා.

විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකළ අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්දි වූයේ නම් එය වෙනත් දෝෂයක් බව කී ඉලංගකෝන් මහතා පැවසුවේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළා

මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවයි.

Example Image