2023 පෙබරවාරි 02, පෙ.ව. 11:14
උසස් පෙළ හේතුවෙන් දින දෙකක් අත්හිටුවා තිබූ දෛනික විදුලි කප්පාදුව ඊයේ (01) දින නැවත සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එහිදී ක්‍රියාත්මක වූ පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් විනාඩි 10කින් වැඩි කර සිදු කිරීමට ක්‍රියා කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.
ඉදිරි විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) දින කැඳවා තිබූ අතර අපේක්ෂා කළ වර්ෂාපතනයක් ජල විදුලි බලාගාර ආශ්‍රිතව නොලැබුණු හෙයින් නැවත ඊයේ විදුලි කප්පාදුව සිදු කිරීමට කටයුතු කළ බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පුවත්පතකට පවසා තිබෙනවා.
කෙසේ නමුත් අද (02) දින විදුලිය කපනවා ද නැද්ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් අද දින ප්‍රකාශයක් කිරීමට නියමිත බව එම නිලධරියා සඳහන් කර තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:40
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:35
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10