2025 මැයි 03, පෙ.ව. 12:25
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී සිදුවන දේ ගැන බොහෝදෙනෙක් තුළ විවිධ අදහස් පවතී.
නැවත සමීක්ෂණයේදී එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති ලකුණු සංඛ්‍යාව ගණනය කිරීම පමණක් සිදුවන්නේ ද? යන්නට විභාග කොමසාරිස් ජනරාල්වරයා දුන් පිළිතුර මෙසේයි.
“නෑ, නෑ. ලකුණු විතරක් නැවත ගණනය කිරීමක් සිද්ධ වෙන්නෙ නෑ. ආපහු අදාළ උත්තර පත්‍රය මුල සිට නැවත සමීක්ෂණය කරනවා.”
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, “නැවත සමීක්ෂණය කරන්නේ විභාග පරීක්ෂකවරුන් දෙදෙනෙක් දාලා. ඒ නිසා විනිවිදභාවයකින් යුතුව නැවත සමීක්ෂණය කරනවා,” යනුවෙනි.
අදාළ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා යොදවන පරීක්ෂකයින් දෙදෙනා ලකුණු ලබාදීමේ පටිපාටිය භාවිත කරමින් එක් එක් උත්තර පත්‍ර විමර්ශනය කරන බව ද විභාග කොමසාරිස්වරයා තවදුරටත්
පැහැදිලි කළා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 02 වැනිදා සිට අයැදුම් කළ හැකි ය.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැයි 16 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.
www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට ප්‍රවේශ වී, ඒ සඳහා අයැදුම් කළ හැකි ය.
2025 මැයි 03, ප.ව. 3:11
2025 මැයි 03, පෙ.ව. 12:29
2025 මැයි 03, පෙ.ව. 12:22
2025 මැයි 03, පෙ.ව. 12:20
2025 මැයි 03, පෙ.ව. 12:19
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25