hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මාර්තු 24, පෙ.ව. 10:26



ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල් දමා තිබෙනවා.

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත එදිනට නොපැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත විභාගය පැවැත්වෙන දිනය ප්‍රසිද්ධ කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයට අදාළ තෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.

ඒ අනුව 2023 වර්ෂයේ නව පාසල් වාරය ලබන 27වන සඳුදා ආරම්භ වන බව  අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

2022 පාසල් වර්ෂයේ තෙවන පාසල් වාරය අදියර 3ක් යටතේ පසුගිය දෙසැම්බර් මස 5වන දා සිට ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර අප්‍රේල් මස 5වන දා සිට 16 වන දා දක්වා රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා නිවාඩු ලබාදීමට නියමිතව තිබෙනවා.