hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 08, පෙ.ව. 10:28



බිබිල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක පෙරේදා (06) පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය (ඪ) ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයක් මඟින් ඡායාරූප ගතකොට ගුරුවරයකුට අයත් වට්ස්ඇප් යෙදුම මඟින් යොමු කර ඒ සඳහා අදාළ ගුරුවරයාගෙන් පිළිතුරු ලබාගෙන ලියමින් සිටි විභාග අපේක්ෂිකාවක විභාගශාලා නිරීක්ෂණය කරන ගුරුවරයකුට හසුවී තිබෙනවා.

මෙම අපේක්ෂිකාව දෙවැනි වර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව සිට තිබෙනවා.

ශාලා අංක 02 වෙත පිවිසීමේදී ඇය ජංගම දුරකථනය සඟවා ගෙනැවිත් ප්‍රශ්න පත්‍රය ලද පසුව මෙම වංචාව කර තිබෙන බව වාර්තා වෙනවා.

ඇයට මෙලෙස පිළිතුරු යොමුකර ඇත්තේ එම පාසලේ ගණිත විෂය උගන්වන ගුරුවරයෙක්.

සිද්ධිය පිළිබඳව බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජේ. සුසිල් විජේතිලක මහතාගේ උපදෙස් පිට මහියංගණය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.එස්.ඩී. ඩයස් මහතා මෙම ශිෂ්‍යාව භාවිත කළ ජංගම දුරකථනය භාරයට ගෙන අදාළ වංචාවට සහාය දුන් ගුරුවරයා බිබිල අධ්‍යාපන කලාපයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.