hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 20, ප.ව. 1:26



2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා ඔවුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය මෙම වර්ෂයට පමණක් සීමා වන ආකාරයට 40%ක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විශේෂ ලිපියක් උපුටා දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවා.

“2023 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය මෙම වර්ෂයට පමණක් සීමා වෙන ආකාරයට අවම මට්ටම 40%ක් ලෙස සලකා කටයුතු කිරීම.”

මීට පෙර එම මට්ටම 80%ක් ලෙස පැවතුණා.