hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 3:05



සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දෛනික දීමානාව ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මේ වන විට ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු කඩිනමින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

මේ වන විට ලබාදෙන රුපියල් 1,450ක දෛනික දීමනාව ප්‍රමාණවත් නොමැති බව පවසමින් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතුවල නිරත වූ ගුරුවරුන් ප්‍රදේශ කිහිපයක විභාග මධ්‍යස්ථාන අසළ විරෝධතාවලට ද නිරතවුණා.

කෙසේ වෙතත් ගුරු සංගම් ඒ පිළිබඳව කරන ලද ඉල්ලීම් සළකා බලා උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ.