hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 2:55



අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන සඳුදා වන විට ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මීට පෙර සඳහන් කළේ, උසස් පෙළ විභාගයේ දැනට සැලසුම් කර ඇති දින වකවානු සංශෝධනය කිරීමට සිදුවන බවයි.

අමාත්‍යවරයා පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කළා.

මීට පෙර 2023 නොවැම්බර් 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට සැලම් කර තිබුණ ද 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මාස 3ක් පමණ ප්‍රමාදවීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්ව පිළිබඳව අමාත්‍යවරයා එහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: