hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 16, ප.ව. 5:11



බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික පුජාප්‍රසාදිතුමකු හෝ කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ අයෙකු නොවන බවයි.

මේ අතර ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය හෙළා දකින බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර , බුදුන් වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකල ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව සර්ව පාක්ෂික අරගලකරුවන්ගේ සංගමය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.