hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූලි 24, පෙ.ව. 1:37



ඝාතනයට ලක් වූ අඟුරුවාතොට මව සහ කුඩා දියණිය ගේ අවසන් කටයුතු  සිදු කරමින් සිටියදී දෙපිරිසක් අතර ඇතිවූ ගුටි බැට හුවමාරුව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඉකුත් 18 වෙනිදා වැනිදා පස්වරුවේ සිට අතුරුදන්ව සිටි මව සහ කුඩා දියණියගේ මළ සිරුර දින තුනකට පසු රත්මල්ගොඩ  කැලෑබද ප්‍රදේශයක තිබියදී හමු වුණා.

එම ඝාතනය සම්බන්දයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට පත් වුණා.

එම  මවගේ සහ කුඩා දියණියගේ නිසල සිරුරු තැන්පත් කර තිබූ මුද්‍රා කරන කරන ලද පෙට්ටිය අඟුරුවාතොට ඌරතුඩාව ඔවුන් පදිංචිව සිටි නිවසේ සිට කෙසෙල්හේනාව පොදු සුසාන භූමිය කරා රැගෙන විත්  වළෙහි  තැන්පත් කර විනාඩි කිහිපයක් ගතවෙද්දී මෙම ගැටුම හට ගෙන ගෙන තිබුණා.

ඝාතනයට ලක්වූ වාසනා කුමාරි  මහත්මියගේ සැමියා සිය ආදරණීය බිරිඳ සහ එකම කුඩා දියණිය කළ සිරුරු තැන්පත් කර තිබෙන වල දෙස දැඩි ශෝකබරිතව බලාගෙන සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ මියගිය කාන්තාවගේ පාර්ශව පුද්ගලයකු ඔහුට යමක් පවසමින් තර්ජනය කිරීමත් සමගම එහි සිටි පිරිස අතර ගුටිබැට හුවමාරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්  අඟුරුවාතොට පොලිසිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හා නන්ද සිල්වා මහතාට දුරකථනයෙන් අමතා විනාඩි කිහිපයක් තුළ දී තුළදී එම ස්ථානයට අතිරේක පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට පියවර ගත්තා.

වෙනත් රාජකාරී කටයුත්තක්  සඳහා යමින් සිටි පානදුර කොට්ඨාස රථ රථවාහන අංශයේ  නිලධාරීන් ද එම සිද්ධිය සැලවී සුසාන භූමිය වෙත පැමිණ අනෙකුත් නිලධාරීන් සමග  සාමය ආරක්ෂා කිරීමට පියවර ගත්තා.

අනතුරුව අවමඟුල් උත්සවය සඳහා ඝාතනයට ලක්වූ කාන්තාවගේ පාර්ශ්වයේ පිරිස රැගත් වෑන් රථය අඟුරුවාතොට පොලිසිය ස්ථානය වෙත රැගෙන යාමට ද පියවර ගැනුණා.