hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:03



මහනුවර නගරයේ  ඩී එස් සේනානායක වීදියේ අවන් හලක  දෙපිරිසක් අතර ඊ්යේ සවස ඇතිවු ගැටුමකින්  සිවුදෙනෙකු තුවාළ  ලබා  නගරයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

අවන්හල තුලදී ගැටුම හටගෙන තිබු අතර පොලු බෝතල් සහ ගඩොල් පුහාර එල්ල වීමත් සමග අවටින් ගමන් කල සංචාරකයෙකුද දැඩි ලෙස භීතියට පත්ව ඉවතට දිවගිය බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ගැටුම සිදුවී ස්වල්ප වේලාවකට පසු මහනුවර පොලිස් මුලස්ථානයේ නිලධාරින් පිරිසක් පැමිණ තුවාළ කරුවන් සහ ගැටුමට සමිබන්ධ වුවන් කීප දෙනෙකු පොලිසිය භාරයට ගෙන තුවාළ ලැබුවන් රෝහලට යොමු කිරීමට පියවර ගත්තා.

ඇතිවු කලබලකාරී තත්ත්වය හේතුවෙන් නගරයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වුණා.

අවන් හලේ සේවකයන් පැපසුවේ පිටස්තරින් අවන් හල තුලට කඩා වැදුණු පිරිසක් පහර දුන් බවයි.

අවන්හල් පරිශුුය තුල තැන් තැන්වල ලේ පැල්ලම්ද  කඩා බිද දමන ලද වීදුරු උපකරණද පහරදීමට යොදාගත් පොල්ලක් ගඩොල් කැබළි කීපයක්ද දක්නට ලැබිණ.

මහනුවර පොලිස් මුලස්ථානාධිපති රසික සම්පත් මහතාද ස්ථානයට පැමිණ  පරීක්ෂණ ආරම්භ කල අතර මෙම ගැටුමෙන්  කිසිවෙකුට බරපතළ තුවාල සිදුවී නැති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

ගැටුම හටගත් ජනාකීර්ණ ස්ථානය යුධ පිටියක් වැනි තත්ත්වයක පැවති අතර මහජනතාවද හිස් ලුලු අත දිව ගියා.

මෙම පුහාරයට පිටස්තරින් පැමිණි පුද්ගලයන් කීප දෙනෙක් පොලිසි ය  පැමිණෙන විට පළාගියබව පොලිසිය පැවසුවා.

සිදධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මුලස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.