hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 11:21



වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන ගංගා දෙකක් ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 24 දක්වා ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම මෙසේ දීර්ඝ කර තිබෙනවා.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ නිල්වලා ගංගා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බවයි.

එම ප්‍රදේශ වල සිටින අජනතාවට දැනුම් දෙන්නේ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය අඩුවෙමින් පැවතිය ද ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් ඇති විය හැකි බැවින් අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසයි.