2023 මැයි 02, පෙ.ව. 1:31
            
ආහාර රස ගැන්වීම සඳහා භාවිතා කරන කෘත්‍රිම රස ගන්වන තොගයක් මරදාන ටෙක්නිකල් හන්දියේ ආහාර ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
එම ස්ථානයේ කල් ඉකුත් වූ ආහාර හා කල් ඉකුත් නොවූ ආහාර කලවමේ බෙදා හැර ඇති බව වැටලීම භාරජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බි. එස්. යු. පි. පෙරේරා මහතා කියා සිටියා.
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.
ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්නා කෘතිම රස ගන්වන 2020 හා 2021 වසරවලදී කල් ඉකුත් වූ ඒවා බවට නිරීක්ෂණය වී තිබෙනවා.
එම රස කාරක ද්‍රව්‍ය වෙළෙඳ සැල්වල අලෙවි නොකර ආහාර රස ගැන්වීමට පමණක් භාවිත කරන කෘතීම රස ගන්වන ද්‍රව්‍ය බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.
අදාළ ආහාර ගබඩාව සම්බන්ධයෙන් ඉදිරි සතියේදී නඩු පැවරීමට කටයුතු කරන බව වැටලීම සිදුකළ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07