hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 06, පෙ.ව. 3:08



කොළඹ නගරයේ සිටින ලක්ෂ 10කට අධික ජනතාව දිනකට පරිහෝජනයට යොදා ගන්නා ආහාර ප්‍රමාණයෙන් වැඩි කොටසක් අපතේ හරින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් විද්වතුන් 16ක් විසින් සකස් කළ වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

කොළඹ නගරය තුළ ලක්ෂ හයක ජනගහනයක් ජීවත් වන අතරම දිනපතා ලක්ෂ පහකට අධික පිරිසක් කොළඹට බාහිර ප්‍රදේශවලින් පැමිණෙන අතර මෙම පුද්ගලයින් විසින් දිනකට පරිභෝජනය කරනු ලබන ආහාර ප්‍රමාණයෙන් වැඩි කොටසක් අපතේ හරින බව මෙම වාර්තාව සඳහන් කර ඇත.

ආහාර මිල ඉහළ යාම කෙරෙහි ආහාරවල ඇති හිඟකම මෙන්ම කිසියම් ආහාර ද්‍රව්‍යයක් කොළඹට පැමිණීමට ගමන් කෙරෙන දුර ප්‍රමාණය ද බලපාන ආකාරය මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

මෙම අධ්‍යයනය අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යාම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපාන ආකාරය පැහැදිලි කර තිබෙනවා.