hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් 06, පෙ.ව. 10:27



වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බත් සහ වෑංජන (Rice and Curry), ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහළ යාමට සාපේක්ෂව කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10 කින් අඩු කරන බවයි එම සංගමය පවසන්නේ.

මෙම මිල සංශෝධනයන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: