2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 9:45
සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා පුද්ගලයන්ට පහර දීමට කිසිවෙකුට අයිතියක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.
කිසිවෙකු සොරකමක් කර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිසිය දැනුම්වත් කර පොලිසියට බාර දිය යුතු බවත් සුපිරි වෙළඳසැල් කළමනාකරුවන් මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුම්වත් කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
බොරැල්ල කොටා පාරේ සුපිරි වෙළෙඳ සැලක පසුගියදා භාණ්ඩ සොරා ගත් තරුණියකට එහි සේවයකයන් පිරිසක් පහර දීමේ සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බව ද හෙතෙම පැවසුවා.
මත්ද්‍රව්‍ය පානය සඳහා මෙම හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම තරුණිය භාණ්ඩ සොරා ගෙන ඇති බවත්, වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් ඇයට නඩු කිහිපයක්ම ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියා.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11