2023 මැයි 18, පෙ.ව. 1:02
ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේ පැවැති ජාතික උත්සවයේ දී පැමිණ සිටි පිරිසට ලබා දුන් කෙටි ආහාර නරක් වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සංවිධාකයින්ට දැඩි අප්‍රසාදය පලකර තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.
ජනතා සෞඛ්‍යයේ වටිනාකම දන්නා පිරිසක් සංවිධානය කළ උත්සවයක දී සෞඛ්‍ය ගැටලු ඇතිවීමට තුඩු දෙන ආහාර ලබාදීම සුළුවෙන් තැකිය හැකි වරදක් නොවන බව ද එම පිරිස සංවිධායකයින්ට පෙන්වා දී තිබෙනවා.
මහනුවර ප්‍රසිද්ධ හෝටලයකින් ලබා ගෙන තිබූ මෙම කෙටි අහාර කෑමට ගැනීමට නොහැකි බව පවසා මාධ්‍යවේදීන් ඇතුළු පිරිස ඒවා කුණු කූඩයට දමා පිටව එද්දී සංවිධායක හෙද මහත්වරු පිරිසක් වැඩේ ගොඩින් බේරා ගැනීමටද දැඩි උත්සාහයක් දරා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණරත්න, මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ හෙද සේවා සම්බන්ධ අධ්‍යක්ෂ එම්.බී.සී. සමන්මලි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ දෙදහසක් පමණ පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටි බව වාර්තා වෙනවා.
උත්සවයට පැමිණි සුළු පිරිසක් ඇමැතිවරයා පැමිණෙන්ට පෙර පෙරවරු 9.00 ට පමණ උදෑසන ආහාර ලබාගෙන තිබෙනවා.
මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට ආහාර ලබා දී තිබෙන්නේ පෙරවරු 11.00 ට පමණයි.
අපරාදේ හැමෝටම උදේ 9.00 ට කලික් කන්න දෙන්න තිබුණා නම් මේ ප්රශ්න මොනවත් නැතැයි පවසා ඇත්තේ මහනුවර හෝටලයට කෑම ටෙන්ඩරය ලබාදීමට මූලිකත්වය ගත් තැනැත්තා යැයි කසුකුසුවක් ද ඒ මොහොතේ ඇරඹී තිබෙනවා.
මාධ්‍යවේදීන්ට ලබා දුන් ආහාර පැකට් විවෘත කරන අවස්ථාවේ දැඩි දුර්ගන්ධයක් ඉන් වහනය වූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ උසස් හෙද නිලධාරියෙකු සඳහන් කළේ එය සුළු අත්වැරදීමක් බවයි.
මේ සම්බන්ධයෙන් අදාල හෝටලයට පැමිණි කිරීමට එම අවස්ථාවේ කිසිවෙකු හෝ කටයුතු නොකළ අතර නරක් වූ ආහාර සම්මන්ත්‍රන ශාලාවේ සේවිකාවන් යොදවා කඩිමුඩියේ ඉවත් කරන ආකාරයද දැකගැනීමටද හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා.
මෙම අවස්ථාවේ තවත් ආහාර පාසල් විශාල සංඛ්‍යාවක් එම ස්ථානය ගොඩගසා තිබූ අතර සෞඛ්‍ය ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන්ම මේ ආකාරයෙන් සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර උත්සවයේ ආරාධිතයන්ට ලබාදීමට උත්සාහ කිරීම පිළිබඳව කණගාටු වන බව හෙද සේවා භාර සෞඛ්‍ය අධ්‍යක්ෂ සමන්මලි මහත්මිය සඳහන් කළා.
ජාත්‍යන්තර හෙද දිනයට සහභාගීවූ ඇතැම් පිරිස් සඳහන් කළේ මෙම ආහාර නරක් වී ඇති බව දැන දැනම ආරාධිත අමුත්තන්ට ලබාදීමට සංවිධායකයෝ කටයුතු කළ බවයි.
මහනුවර – කමල් සුරවීර
2025 ජනවාරි 09, පෙ.ව. 12:15
2025 ජනවාරි 09, පෙ.ව. 12:09
2025 ජනවාරි 09, පෙ.ව. 12:08
2025 ජනවාරි 09, පෙ.ව. 12:06
2025 ජනවාරි 09, පෙ.ව. 12:05