hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 26, ප.ව. 3:19



සංචාරක කර්මාන්තයේ යෙදී සිටින දේශීය පහසුකම් සපයන්නන් අවශ්‍ය පුහුණුව ලබා සංචාරක සංවර්ධන අධිකාරියේ වසර පත්‍රයක් නොගෙන සේවා සපයන අයට නීතිය තදින් ක්‍රියාත්මක කිරීම් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය හකාර අධ්‍යක්ෂ අනූප රණවීර මහතා පැවසුවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ වැටලීම් කණ්ඩායම සංචාරක පොලිසිය එක්ව අද (26) පෙරවරුවේ  සීගිරියේ සංචාරකයන් සඳහා සේවා සපයන කණ්ඩායම් පරීක්ෂාවට ලක් කිරීම වැඩසටහන්කට එක්වෙමින් මේ බව සඳහන් කළා.

මේ වන විට සංචාරක මගපෙන්වන්නන් විවිධ සේවා සපයන්නන් සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරන් නිසි  බලපත්‍ර ලබා නොගෙන අනවසරයෙන් මෙම ක්‍රියාවන් හි නිරත වන බවද හෙතෙම සඳහන් කළා.

 ඒ අනුව සීගිරිය නැරඹීම්ට සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් හට මග පෙන්වන හැම කණ්ඩායම්  බලපත්‍ර ලබා නොගෙන සංචාරකයන් ප්‍රවාහනය කරන රියැදුරන් පිළිබඳව පරීක්ෂාවට ලක් කෙරුණා.

කිසිදු බලපත්‍රයක් ලබා ගැනිමකින් තොරව සංචාරකයන් රැගෙන යන බවත් කල් ඉකුත් වූ බලපත්‍ර උපයෝගී කරගෙන සංචාරකයන් මග පෙන්වීම සිදුකරන බවත් අනාවරණය වීම විශේෂත්වයක්.

එමෙන්ම ඇතැම් සංචාරක මගපෙන්වන්නන් බීමතින් සහ අපිරිසිදු ඇඳුම් වලින් සැරසී සිටින බවද පරීක්ෂණ කණ්ඩායමේ    අවධානයට යොමු වීම විශේෂත්වයක්.

සංචාරක සංවර්ධන අධිකාරියේ නිසි අවසර පත්‍ර ලබාගෙන සංචාරක මග පෙන්වන ක්‍රියාවලියේ නිරත වන පිරිස් ද සීගිරියේ දැකගැනීමට හැකි විය කෙසේ වෙතත් නීත්‍යානුකූල සේවා  සපයන අයට අමතරව ඉතා හොර රහසේ සංචාරක සේවා සැපයීීම සිදු කිරීම තුළින් සංචාරකයන් හට අසාධාරණයක් සිදුවන බවත් එමෙන්ම නිසි බලපත්‍ර ලබාගෙන සේවා සපයන අයට ද එයින් අසාධාරණයක් සිදුවන බව නිලධාරීහු පවසනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ  අනුප  රණවීර මහතා කියා සිටියේ ලංකාව පුරා සංචාරක මගපෙන්වන රියදුරන් මේ ආකාරයෙන් දැනුවත් කොට ඉදිරියේ දී කිසිදු ආකාරයකින් අවශ්‍ය බලපත්‍ර ලබා නොගෙන නිසි පුහුණුව ලබා නොගෙන සංචාරක සේවා සපයන යට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම් සිදු කරන බවයි.