hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු 01, ප.ව. 1:27



මේ වනවිට මැදපෙරදිග මතුව ඇති යුධමය තත්ත්වයත් සමග මහජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ තත්ත්වයන් නිර්මාණය වී ඇති බැවින් මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා සඳහන් කරයි.

සභාපති ඩී.ජේ.රාජකරුණා සඳහන් කළේ,

“කළබල වෙන්න කිසිම හේතුවක් නෑ. අපි සම්පූර්ණ තොග ගණනය කරලා බැලුවා. අපිට සියලුම දේවල් මාසෙක කාලයකට කිසිදු ගැටලුවක් නැතිව දුවන්න පුළුවන්. හේතුව අපිට තියෙන තොග සහ දැනට ළඟා වෙමින් තියෙන තොග තව දවස් 37කට ප්‍රමාණවත්.

ඩීසල් දවස් 35කට ප්‍රමාණවත්, ගුවන් යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්. ඒ කියන්නේ දැනට ළඟා වෙමින් පවතින ඉන්ධන තොග සහ අපේ තියන ස්ටොක් ඔක්කෝම එකතු කළාම එතැනින් එහාට කිසිදු නැවක් ආවේ නැතත් අපිට මේ කියන දවස් ගානට කිසිම කරදරයක් නැතිව දුවන්න පුළුවන්.

ඊගාවට අපිට පිරිපහදු ඉන්දන ඒ කියන්නේ ප්‍රෙට්‍රල්, ඩීසල් හැටියට එන තෙල් අපිට ගොඩක් වෙලාවට මැදපෙරදිග රටවලින් නෙමෙයි එන්නේ. හේතුව නැව් ගාස්තු සහ ඒ හරියේ ඉඳන් එනකොට දුර වැඩියි. පසුගිය කාලේම අපිට ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් සහ කොරියාවෙන්.

බොරතෙල් වලට විතරයි බලපෑමක් ආවොත් වෙන්නේ මේ වෙනකොට තියෙන සංචිත මාසයක් දුවන්න ප්‍රමාණවත්. ඒ නිසා කිසිදු කළබලයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. ජනතාව අනවශ්‍ය ලෙස කළබළ වුණොත් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ හින්දා ජනතාවට කියන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතිව සාමකාමී විදිහට යන්න.”