hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු 19, පෙ.ව. 12:30



ශ්‍රී ලංකාව තුළ ප්‍රදේශ කිහිපයක පවතින ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව පිරවුම්හල් සහ අලෙවිසල් අසල පෝලිම්වල රැඳී සිටියි. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක උණුසුම් තත්ත්වයන් ද වාර්තා වන අතර ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දවස පුරා පෝලිම් පවතියි.

QR කේත ක්‍රමය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුවන අතර ඇතැම් පිරවුම්හල්වල තොග අවසන් වීම හේතුවෙන් ඒවා වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

කෙසේ නමුත් ඉන්ධන අවසන් වීම මත ජනතාවගේ ආවේගශීලි බව හේතුවෙන් පිරවුම්හල් අසල සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.

නමුත් මේ වනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ඇතැම් පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදා භට පිරිස් ද අනුයුක්ත කර ඇති බව තොරතුරු වාර්තා වේ. ඉවසීමෙන් හා නීතිගරුක ලෙස කටයුතු කරන මෙන් ජනතාව රජය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: