2026 මාර්තු 20, පෙ.ව. 12:22
ලබන අප්‍රේල් මස 07 වනදා මෙරටට පැමිණීමට නියමිත ඩීසල් නැවෙහි මිල ගණන් අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 550ත් 600ත් අතර අගයකට අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනතුරු අඟවයි.
රජය විසින් ක්‍රමානුකූලව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙලෙස පෝලිම්වල සිටීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා පවසන පරිදි, අලුතින් නිකුත් කර ඇති ටෙන්ඩරය සිංගප්පූරුවේ Aditya Birla සමාගමට හිමිව තිබේ.
ඒ අනුව ඩීසල් බැරල් 280,000ක් ගෙන්වීමට නියමිත අතර එහි Premium ගාස්තුව ඩොලර් 45.64ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව පෙට්‍රල් 92 බැරල් ලක්ෂ තුනක් ගෙන්වීමට නියමිත අතර එහි ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 18.62කි.
අප්‍රේල් 12 වනදා මෙරටට පැමිණීමට නියමිත දැවිතෙල් බැරල් 3,000ක් සඳහා වන ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 166ක් ලෙස සටහන් වේ.
මිල ඉහළ යාම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 2022 ජූනි මාසයේදී ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 30-34 අතර පැවති සමයේ ඩීසල් ලීටරයක් රුපියල් 470කට අලෙවි කළ බවයි.
එහෙත් වර්තමාන ටෙන්ඩරය අනුව ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 45 ඉක්මවා ඇති බැවින්, ඩීසල් මිල රුපියල් 600 සීමාවට පැමිණීම වැළැක්විය නොහැකි බව ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් රජයට යෝජනාවක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා, තෙල් මිල රුපියල් 50කින් වහාම අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.
තෙල් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ගෙවීමට ඇති රුපියල් බිලියන 1200ක ණය මුදල පියවීම සඳහා පනවා ඇති බදු මුදල් අයකර ගැනීම තාවකාලිකව කල් දමන ලෙස ඔහු යෝජනා කරයි.
2029 වසර දක්වා ගෙවීමට නියමිත මෙම ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 656ක් දක්වා අඩු වී ඇති බැවින්, එම ණය පියවීමේ කාලය මසකින් පමණ කල් දමා එම සහනය ජනතාවට ලබා දිය හැකි බව ඔහුගේ අදහසයි.
“අප්‍රේල් 07 වැනිදායින් පසු ඩීසල් ලීටරයක් රුපියල් 470කට වඩා වැඩි මිලකට අනිවාර්යයෙන්ම යනවා. ඒ නිසා රුපියල් 50කින් තෙල් මිල අඩු කරලා මේ ක්‍රියාවලියට ශක්තියක් වෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:17
2026 මාර්තු 20, පෙ.ව. 12:13
2026 මාර්තු 20, පෙ.ව. 12:12
2026 මාර්තු 20, පෙ.ව. 12:11
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26