2026 අප්‍රේල් 04, පෙ.ව. 12:08
මෙරට පෙට්‍රල් හා ඩීසල් පරිභෝජනය මේ වන විට යම් ප්‍රමාණයකින් අඩුවී ඇති බැවින් විදේශ විනිමයද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතිරි කරගැනීමට හැකිව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේය.
කිව්.ආර්. කේතය හඳුන්වාදීමත්, ඔත්තේ ඉරට්ටේ දිනවලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගැනීමත් සමඟ ඉන්ධන හල් අසල පැවති පෝලිම් නැති විය. ප්‍රමාණවත් ඉන්ධන තොග ඇතත් ඉන්ධන ලබාගැනීමට රියැදුරන් උනන්දුවක් නොදක්වන බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති. කිව්.ආර්. කේතය හඳුන්වා දුන් මුල් දිනවල ඉන්ධන කෝටාවට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් වාහනවල ඉන්ධන ටැංකි පුරවා ගැනීමට දැඩි උනන්දුවක් රියැදුරන් දැක්වුවද දැන් එම ඉන්ධන කෝටාවේ සඳහන් ප්‍රමාණයටත් අඩුවෙන් ඉන්ධන ලබා ගැනීමට රියැදුරන් පෙලඹ ඇති බවද ඔවුහු සඳහන් කළහ.
මේ තත්ත්වයට හේතුව වී ඇත්තේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බැවින් වාහන හිමියන් සිය වාහන අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැරුණු කොට භාවිතයට නොගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා බවද ඉන්ධන පිරවුම්හල් හිමියෝ සඳහන් කරති.
මේ වසරේ මාර්තු මුල් සතියේ මැදපෙරදිග යුද තත්ත්වය ඇතිවීමත් සමඟ මෙරට ඉන්ධන වෙළඳපොළේ ශීඝ්‍රයෙන් උච්චාවචනය වූ ඉන්ධන පරිභෝජනය මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණ ඇතැයි ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේය.
“අප රටේ සාමාන්‍ය ඩීසල් සහ පෙට්ට්‍රල් ඉන්ධන පරිභෝජනය මැදපෙරදිග යුද්ධයට පෙර සාමාන්‍ය මට්ටමක පැවතියා. එය හිටිහැටියේම යුද්ධය නිසා එය සීයයට එකසිය පනහ (150%) එකසිය හැත්තෑවක (170%) වේගයකින් ඉහළ ගියා” යැයිද මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.
මේ වසරේ මාර්තු මාසය මෙරට ඉන්ධන වෙෙළඳපොළ සහ පරිභෝජන රටාවන් දැඩි කැලඹීමකට මෙන්ම වෙනස්කම්වලට ලක්වූ කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකි බවද ඔහු කීය.
මෑතකදී නිකුත් වූ සංඛ්‍යාලේඛනවලට අනුව, විවිධ ගෝලීය සහ දේශීය බලපෑම් හමුවේ ඉන්ධන ඉල්ලුම විශාල ලෙස ඉහළ පහළ ගොස් ඇති අතර මාර්තු මස අවසානය වන විට එය යහපත් මට්ටමකට පැමිණ තිබෙන බව කළමනාකාර අධ්යක්ෂවරයා සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.
පසුගිය පෙබරවාරි මස අවසාන සතියේදී (පෙබරවාරි 27) මෙරට දෛනික ඩීසල් පරිභෝජනය කිලෝ ලීටර් 5,402ක් සහ පෙට්‍රල් පරිභෝජනය කිලෝ ලීටර් 5,798ක් ලෙස සාමාන්‍ය මට්ටමක පැවතුණි. කෙසේ වෙතත්, මාර්තු 02 වන දින වාර්තා වූ ඉරාන ප්‍රහාරයත් සමඟ පාරිභෝගිකයන් ඉන්ධන රැස්කිරීමට පෙලඹීම හේතුවෙන් ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.
එහිදී ඩීසල් ඉල්ලුම 177.1% කින් (කි.ලී. 9,567) සහ පෙට්‍රල් ඉල්ලුම 201% කින් (කි.ලී. 11,656) ඉහළ ගිය අතර, මේ හේතුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට රජයට සිදුවිය.
මාර්තු 10 වනදා සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පෙට්‍රල් පරිභෝජනය 94.3% දක්වා පහත වැටුණු අතර, එමඟින් ඩොලර් 423,677ක ඉතිරියක් වාර්තා විය. නමුත් මාර්තු 14 වනදා විපක්ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්රකාශයන්ගෙන් පසුව, ජනතාව අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් නැවතත් ඉන්ධන ඉල්ලුම ඉහළ ගිය බව දත්ත පෙන්වා දෙයි.
එහිදී ඩීසල් සහ පෙට්‍රල් ඉල්ලුම පිළිවෙළින් 127.4% සහ 128.6% දක්වා ඉහළ ගොස් තිබේ. මාර්තු මස අවසානය වන විට (මාර්තු 27) QR ක්‍රමය (QR System) විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමත් සමඟ ඉන්ධන පරිභෝජනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය සමත්ව ඇත. වත්මන් දත්තවලට අනුව ඩීසල් පරිභෝජනය 99.8% (කි.ලී. 5,392) දක්වා ස්ථාවර වී ඇත. පෙට්‍රල් පරිභෝජනය 87.8% (කි.ලී. 5,089) දක්වා පහත වැටී ඇත.
මෙම ක්‍රමවේදය හරහා ඩීසල් මඟින් ඩොලර් 12,199ක සහ පෙට්‍රල් මඟින් එක්සත් ජනපද ඩොලර් 910,906ක සැලකිය යුතු විදේශ විනිමය ඉතිරියක් ලබා ගැනීමට හැකි වී තිබේ. අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම පාලනය කිරීමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමටත් QR ක්‍රමය ප්‍රබල මෙවලමක් වී ඇති බව මෙම සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වන බව මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:14
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26