hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 07, ප.ව. 8:21



සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන පැය 48 කට කල්දැමූ බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කරන දින ඉදිරියේ ප්‍රකාශ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (7) ලිඛිතව දැනුම් දී තිබෙනවා.

දැනට පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු නව දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඒ අනුව සිකුරාදා දිනයේ සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබා ගැනීමට මීට පෙර ගෙන තිබූ තීරණය ඉදිරි පැය 48 තුළ ක්‍රියාත්මක නොවෙනු ඇති.