hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 මැයි 24, පෙ.ව. 11:15



ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවේ වෙනසක් සිදුකර තිබෙනවා.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැන් පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවා.

ඒ අනුව යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීමේ නව සීමාව රුපියල් 2,500ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මේ අතර ත්‍රිරෝද රථ සඳහා පැවති ඉන්ධන නිකුත් කිරීමේ සීමාව රුපියල් 3,000ක් දක්වා වැඩිකර තිබෙනවා.

එසේම මෝටර් රථ, වෑන් රථ සහ ජිප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමාව රුපියල් 10,000ක් දක්වා ද ඉහළ දමා තිබෙනවා.