hit counter

2025 සැප්‍තැම්‍බර් මස 20 වන සෙනසුරාදා

2023 ජූනි 07, ප.ව. 12:24



පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද උදෑසන ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථාන මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ඇතිකරගත් ආරවුල සම්බන්ධයෙනුයි.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමටද ඊයේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.

මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට අද පොලීසිය ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණේ මෙලෙසයි.