hit counter

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි 13, ප.ව. 4:19



ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මුනීර් මුලාෆර් නව වකුෆ් මණ්ඩලයක් පත්කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා තිබෙන බවත් මෙම මණ්ඩලය සඳහා යෝජිත පුද්ගලයන් දරන ආගමික මතවාද ඉතාම අන්තවාදී සහ දැඩි දෘෂ්ටිවාදි බැවින් මෙම පිරිස පත්කළහොත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

මෙම නියෝජ්‍ය ඇමැතිවරයා දරන ආගමික මතවාදය සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් තිබෙන බවද ඔහු කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ ද ආගමික අන්තවාදයට සහායක් ලබාදෙන ආකාරයක් බවද උන්වහන්සේ පැවසූහ.

බොදු බල සේනා සංවිධානය විසින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මේ පිළිබඳව කියා සිටියහ. 

මෙරට සියලුම මුස්ලිම් පල්ලි පාලනය කරනු ලබන්නේ වකුෆ් සභාව බවත් එම ආයතනය ස්වාධීන ආයතනයක් වීම අත්‍යවශ්‍ය කාරණාවක් වුවත් මෙවැනි අන්තවාදී පිරිස් මෙහි සාමාජිකයන් බවට පත්කළහොත් මෙරටට සිදුවන්නේ විශාල හානියක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: