hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 11, ප.ව. 7:44



මේ මාසයේදී පැමිණිය යුතු ගල් අඟුරු නැව් වලින් 3ක් පුත්තලම් ජැටිය වෙත පැමිණ අවසන් වී ඇතත් එම ගල් අඟුරු ගොඩ බෑමේ අර්බුදයක් මතුව ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසනවා.

මේ සතිය තුළ නෞකා 3ක් සඳහා රු. බිලියන 15.7ක මුදලක් ගෙවීමට තිබෙන අතර මෙම මස පැමිණිය යුතු නැව් වලින් 11ක් මේ වන විට පැමිණ අවසන් බවත් 12,13 සහ 14 යන නෞකා ද මේ වන විට පුත්තලම් ජැටිය වෙත පැමිණ ඇති අතර 12 වෙනි නැවේ ගල් අඟුරු ගොඩ බෑමේ කටයුතු සිදුවුවද ඒ සඳහා තවත් රු. මිලියන 700ක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව නෞකා තුනේ ගල් අඟුරු ගොඩ බෑම සංධ අවශ්‍ය රු. බිලියන 15.7න් ගෙවා ඇත්තේ රු. බිලියන 3.2ක වැනි මුදලක් බවත් මෙම නැව් වලින් ගල් අඟුරු බා ගැනීම සඳහා ඉතිරි මුදල් සපයා ගත යුතුව ඇති බව ඔහු කියා සිටිනවා.

මේ වන විට පවතින ව්‍යාකූල තත්ත්වය සමඟ මෙම නැව් වලට සිදුකළ යුතු ගෙවීම් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව තිබෙන බවයි සුමනසේකර මහතා පෙන්වා දෙන්නේ.