2026 පෙබරවාරි 23, පෙ.ව. 12:10
වර්තමාන ආණ්ඩුව බුදු දහම සහ ස්වාමීන් වහන්සේලා නොසලකා හැර ඇති බවට මතයක් ගොඩනැඟීමට පිරිසක් කටයුතු කරමින් ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නි. ඇමති ගමගෙදර දිසානායක චෝදනා කරයි.
ස්වාමීන් වහන්සේලා පිරිසක් ඊට විරෝධය දැක්වීම සඳහා සඟ සමුළුවක් සංවිධානය කළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව බුදු සසුන සහ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් උපරිම මැදිහත්වීමක් සිදුකර ඇති නිසා එම විරෝධතා සාධාරණ නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.
මෙම කටයුතු සිදුකරන අය වෙනත් දේශපාලන අරමුණක් පෙරදැරිව මෙම කටයුතු කරන බවද ගමගෙදර දිසානායක ප්‍රකාශ කරයි.
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 23, පෙ.ව. 12:07