hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මැයි 03, පෙ.ව. 12:08



අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන ඇති අතර එම කොට්ඨාසයේ ගම්මාන 15ක මී උණ රෝගය වැළඳීම ඉහළ ගොස් ඇත.

එම ගම්මාන ලෙස මාදෙල්ගමුව, නැදගමුව, පත්තඩුවන, නිල්පනාගොඩ, හොරම් පැල්ල, උඩුගම්පොළ, මැදගම්පිටිය දෙවොල පොළ, වෑගොව්ව, මාරපොළ, යටියන, කොරස, වීදියවත්ත, අස්ගිරිය, ගල්ඔළුව ලෙස නම් කර ඇත.

එම ප්‍රදේශ තුළ මී උණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවිකිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

අධි අවදානම් ප්‍රදේශ තුළින් මෙම වසරේ පළමු මාස 04 කාලය තුළදී පමණක් මී උන රෝගය වැළඳුණු බවට හඳුනාගත් රෝගීන් 17 දෙනෙකු සහ මරණ 02 ක් වාර්තා වී ඇතැයිද එම කාර්යාලය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: