hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 14, ප.ව. 5:47



හෙට (15) දිනයේ සිදුකරන වැඩ වර්ජනයට පෞද්ගලික බස් රථ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

හෙට දිනයේදී ගමනාගමනයට කිසිදු බාධාවක් සිදු නොවන බවත් පාසල්, කාර්යාල ඇතුළු අනිකුත් සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් විජේරත්න මහතා පැවැසුවා.

එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස්රථ යෙදවීමට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියා.

වර්ජනයේ නිරත පිරිසට වැටුප් හිමි වුවත් බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් යෙදවීමට කටයුතු කරන බවත් විජේරත්න මහතා පැවසුවා.