hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 27, පෙ.ව. 12:05



කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා, පැවසුවේ එළවළු මිල ඉහළ යාම හා වගා පාලු වීමට විසඳුමක් ලෙස මෙය යෝජනා වී ඇති බවයි.

මේ දිනවල බීජ පැකට් බෙදා හැරීම සිදු කරනු ඇත.

ඒ ඒ පළාත්වලට ගැලපෙන එළවළු වගා කිරීම සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර තෙත් කලාපයේ වගා නොකරන කුඹුරු ඉඩම්වල අනෙකුත් බෝග වගා කිරීමට දීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කරනු ඇති.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පැවසුවේ, ඉදිරියේදී ඒ සඳහා පූර්ව අවසරයක් ලබා දෙන බවයි.

දිවයිනේ මේ වනවිට පවතින වගා නොකරන කුඹුරු ඉඩම් හෙක්ටයාර් 84,000 ක් පවතිනු ඇත.

තෙත් කලාපයේ කුඹුරු බොහෝ ප්‍රමාණයක් අනාර්ථික බවත් ලේකම්වරයා පැවසුවා.