hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 09, පෙ.ව. 9:28



ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් නොකරන බැවින් ගෑස් පෝළිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති විජිත හේරත් මහතා සදහන් කළේ ගෘහස්ථ ගෑස් තොග අවසන්වී ඇති අතර කාර්මික කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කෙරෙන බවයි.

මේ අතර අවශ්‍ය ගෑස් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවා ඇති බවත් ඒ අනුව ගෑස් නැව් දෙකක් එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා අපේක්ෂාවෙන් සිටින බවද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා සදහන් කරයි.

එම ගෑස් තොග ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අතර දිවයිනට ළගාවීමට නියමිතව ඇති බවයි ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

ඉන්දීය ණය පහසුකම යටතේ එලෙස ගෑස් මිලදී ගැනීමට අපේක්ෂිත අතර ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වෙනවා.