hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූනි 21, පෙ.ව. 8:58



ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑ ම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා.

මෙම සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය 8 වන දා ද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා.