hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 27, ප.ව. 4:55



පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට  පොලිස් කොස්තාපල් නිළය දක්වා නිලයන් වෙනුවෙන් සිදුකරනු  ලබන පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදු කිරීමේ බලය පොලිස්පතිවරයාට පවරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්  ජාතික පොලිස් කොමිසම් සභාව විසින් බලය පවරා ඇති බව  ජාතික පොලිස් කොමිසම් පවසනවා.

පොලිස්පතිවරයාට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට  සහකාර පොලිස් අධිකාරිවරුන් වෙතද  මෙම  බලය පවරා ඇති බවද පොලිස් කොමිසම් ආරංචි මාර්ග පවසනවා.

මෙම සියලු පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදුවන්නේ  ජාතික පොලිස් කොමිසමේ නීති රීති වලට අනුකුළව බවත්, කිසිවකුට යම් අසාදාරණයක්  වී ඇති නම් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරනවා.