hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 22, පෙ.ව. 10:43



නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඉන් අනතුරුව නව අගමැතිවරයාට පැමිණ සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සුබ පැතුම් එක් කළා.

ඒ අතර ජනාධිපතිවරයාට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ට කතාබහ කරමින් යන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සමඟද කතා බහ කළ අතර එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රීවරියට පැවසූවේ “ලංකාවේ ප්‍රසිද්ධිම.. හැබැයි මගේ නැන්දගෙන් පස්සේ”

ඊට එක්ව සිටි අනෙක් මන්ත්‍රීවරුන්ටද ඊට ප්‍රතිචාර දැක්වූවේ සිනා මුසු මුහුණින්.

මේ අතර නව කැබිනට් මණ්ඩලය අද පස්වරු 3.30ට දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.