hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 24, ප.ව. 5:41



ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හඳුන්වාදි ජාත්‍යන්තර වාර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් සමත් වී තිබෙනවා.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස (06) දින ඉදිරිපත් වි ඇති අතර සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩියයි තත්පර 06 කින් නම් කර එම වාර්තාව තැබු බවයි එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පවසන්නේ.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බවයි දැරියගේ පියා කියා සිටින්නේ.

මෙම දැරිය ඇතුළු පවුල කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි වී සිටින අතර දැරියගේ පියා සෙන්තුල් කුමාර් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන අතර දැරියගේ මව ගුරු වෘත්තියේ නියැලි සිටි.

වාර්තාව පිහිටවනු ලැබුවේ එම පවුලේ වැඩිමහල් දියණියයි.

කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිම සම්බන්ධයෙන් කොටගල වෙලද සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා ඇතුළු වෙලද සංගමයේ සමාජිකයන් ඇයගේ නිවස වෙත ගොස් එම දැරියට උපහාර දැක්විමක්ද සිදු කොට තිබෙනවා.