2023 මැයි 18, පෙ.ව. 3:18
වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියකගේ නිවසෙහි රත්තරන් භාණ්ඩ සොරාගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත එම නිවසෙහි මෙහෙකාර කාන්තාව වැලිකඩ පොලිසිය මගින් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ එම කාන්තාව වෙනත් නිවසක සේවය කරමින් සිටියදී.
අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අතරතුර ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් පොලිසිය සැකකාරියව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී එම කාන්තාව මියගොස් තිබෙනවා.
හතළිස් දෙහැවිරිදි තිදරු මවක් වන අදාළ කාන්තාව ආර්.රාජ් කුමාරි නම් බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇගේ සැමියා චෝදනා කරන්නේ පොලිසිය සිදු කල පහරදීමක් හේතුවෙන් තම බිරිඳ මියගොස් ඇති බවයි.
“අයියා මට පොලීසියෙන් ගහනවා. මම ගහලා මරනවා මාව. එක්කන් පලයන්. එක්කන් පලයන්. එහෙම කියලා මට කිව්වා. මෙහේ ඉඳලා මෙතන්ට වෙනකන් ගහලා තියෙන්නේ. රතුම රතු පාටයි. කනේ ලේ නහයේ ලේ ඒ විදිහට ගහලා තියෙන්නේ හොඳටම. මෙයාව මරණයට පත් වෙලා තියෙන්නේ පොලිසියෙන් ගහලා තමයි.”
2025 අප්‍රේල් 01, ප.ව. 3:51
2025 අප්‍රේල් 01, ප.ව. 3:33
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:58
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:51
2025 අප්‍රේල් 01, පෙ.ව. 11:19