2023 අප්‍රේල් 07, පෙ.ව. 2:20
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දී දුක් විඳ සිය ජීවිතය පූජා කිරීම සිහිකෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.
ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් උන්වහන්සේගේ දිවි පිදීම සමරන අතර ඒ නිමිත්තෙන් සියලුම දේවස්ථානයන්හිදී තුන්පැය ධ්‍යානයන් පැවැත්වෙනවා.
ජේසුස් වහන්සේ තුන් පැයක් කුරුසියේ එල්ලී සිටිමින් ප්‍රකාශ කළ දේව වාක්‍ය හතක් මෙහිදී මෙනෙහි කෙරෙනවා.
උන්වහන්සේ ජීවිතය පූජා කළේ ලෝක වාසීන්ගේ ගැලවීම වෙනුවෙන්ය යන්න කිතුනුවන්ගේ විශ්වාසයයි.
කිතුණු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
2025 අගෝස්තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්තු 03, පෙ.ව. 12:06