2022 අගෝස්තු 20, ප.ව. 12:10
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙසද දැනුම්දී තිබෙනවා.
එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස්දී ඇති බවයි වාර්තා වන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිත බවයි සමීප ආරංචි මාර්ග සඳහන් කළේ.
හිටපු ජනාධිපතිවරයාද ඒ බව දැනුම්දී ඇතැයි වාර්තා වනවා.
මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙන බව සීඑන්එන් ප්රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද තහවුරු කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නැවත පැමිණීම සම්බන්ධයෙන් වත්මන් රජයට නිල වශයෙන් කිසිදු කාර්යභාරයක් නොමැති බවත් ගෝඨාභය මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු බැවින් ඔහුට කැමැති ආකාරයට මෙරටට පැමිණීමට සහ පිටවීමට හැකියාව ඇති බවත් අලි සබ්රි මහතා එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිඳ තායිලන්තය රජයේ අනුග්‍රහය යටතේ එරට විශේෂ ආරක්ෂක ස්ථානයක රැඳී සිටිනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
23-12-24
23-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
13-12-24
13-12-24
03-12-24
03-12-24
30-11-24
30-11-24
29-11-24
29-11-24
19-11-24
19-11-24
12-11-24
12-11-24
01-11-24
01-11-24
25-10-24
25-10-24
23-10-24
23-10-24