hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූලි 27, ප.ව. 12:10



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14 කට දීර්ඝ කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව අගෝස්තු 11 වනදා දක්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට රැඳී සිටීමට අවසර ලැබෙනු ඇති.

පසුගිය ජුලි මස 14 වනදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානයකින් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුව වෙත පැමිණ තිබුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලඟදීම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.